gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශපාලන බලපෑම් මත ආයෝජන තීන්දු කරන්නේ නෑ… රටට හිතකර ආයෝජන ගෙන ඒමේ වගකීම ඔබ බාර ගන්න… ජනපති ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ට දන්වයි!

නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම වැනි අනවශ්‍ය දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ආයෝජන මණ්ඩලයට සහතික වුනේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (05) පැවති සාකච්ඡාවේදීය.

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බව අවධාරණය කළේය.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද එම වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා කීවේය,

ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබා දීමට මෙන්ම නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී රට තුළ ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka