ගෑස් සිලින්ඩරයේ ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට කාංචන පත් කරන්නැයි පොහොට්ටු කණ්ඩායමෙන් බලපෑම්!
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර නම් කිරීමට පොදු ජන පෙරමුණෙන් ඉවත් වී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් වුන පිරිස තීරණය කර තිබේ.
පවිත්‍රා වන්නිආරච්චි, රොහිත අබේගුණවර්ධන, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාය යන පිරිසක් අද මධුර විතානගේ ගේ නිවසේ හමුවී කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරීණය ගෙන තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් රවී කරුණානායක විසින් කොල්ල කනු ලැබීයැයි පැනෙන චෝදනාවත් සමග ඉතිරි මන්ත්‍රී ධූරය බෙදා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි සංවාදයක් ඇති වී ඇත.
තවමත් එම තත්ත්වය විසඳී නැත.
ගෑස් සිලින්ඩරයේ ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට කාංචන පත් කරන්නැයි පොහොට්ටු කණ්ඩායමෙන් බලපෑම්!
2024-12-05T09:24:00+05:30
Gossip Lanka Hot News





