සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව අද (05) දිනයේ සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටුවීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මත්පැන් නිෂ්පාදන මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව 3%ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද (05) දිනයේ සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) වනදා සිට දීර්ඝ නොකිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.