බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකට ඇතුළු වීමට යාමේදී ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අදහස් පළ කරයි.
‘අපි උදේ ගියා ගාමන්ට් එකකට. බිංගිරිය මන්ත්‍රීතුමා විදියට එතන වෙන සංවර්ධන වැඩ ගණනාවක් තියෙනවා. ඒගොල්ලෝ එක සාකච්ඡා කරන්න ගිහිල්ල එනකොට ඉස්සරහ පිරිසක් ඇවිද අමුතු තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බා’
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මෙසේ පැවසුවේ මෙසේය.
‘ගාමන්ට් එකේ ට‍්‍රාන්ස්පෝට් එකෙන් වෑන් තියෙන කට්ටියව එළියට දාලා තියෙනවා. අසාධාරණයක් නොවන විදිහට සාධාරණව ට්‍රාන්ස්පෝට් එක කරන්න ඕනෑ කියලා මේ ප්‍රදේශයේ ජනතාව රියදුරු මහත්වරුන් කියනවා’
ඒ සදහා ටෙන්ඩර් කැදවීමට පාලනාධිකාරිය එකඟ වූ බවද පැවසූ ඔහු එම සාකච්ඡා අවසන් කර එළියට එද්දී පිරිසක් විරෝධතා දැක්වූ බවද කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.