පලස්තීන වැසියකු මරණයට පත්කර මෘත දේහයට අගෞරව කළා යැයි චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල හමුදා සොල්දාදුවකු වන ගැල් ෆැරන්බුක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බෙල්ජියම පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන හින්දි රජබ් පදනම පවසයි.
“ටර්මිනේටර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ෆැරන්බුක් අත්අඩංගුවට ගන්නා ලෙස මෙරට බලධාරීන්ගේගෙන් නිල වශයෙන් ඉල්ලා ඇති බවත් ඒ සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද දන්වා ඇති බවත් හින්දි රජබ් පදනම ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද ෆැරන්බුක් සම්බන්ධයෙන් චෝදනාවක් නිල වශයෙන් ගොනුකර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීම සඳහා චෝදනාවට අදාළ පැමිණිල්ල මේ වනවිට ජාත්‍යන්තර පොලිසියට යොමුකර ඇති බවත් නින්දි රජබ් පදනම පැවැසුවේය.
ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆැරන්බුක පසුගිය අගෝස්තු 9 වැනිදා ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් උඩුගත කර ඇති බවත් එම වීඩියෝවේ ෆැරන්බුක් තවත් සගයකු සමග සන්නද්ධ හමුදා වාහනයක තුළ සිට එහි තිරයෙන් මියගිය පලස්තීන වැසියකුගේ සිරුර දෙස බලා සිටින බවත් හින්දි රජබ් පදනම ප්‍රකාශ කළේය.
එහිදී ෆැරන්බුගේ සගයා මේ ඉන්නේ අපේ “ ටර්මිනේටර්” අර තියෙන්නේ පලස්තීන මළ සිරුරක් ලෙස හීබෘ භාෂාවෙන් පවසමින් සිනාසෙන බව හින්දි රජබ් පදනම පැවැසුවේය
– විමුක්ති එස් රුද්‍රිගු