gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරුණිකා වියරු වැටෙයි.. 15කට ඇඩ්‍රස් නැති කරයි

සජබ කඩුවෙල ආසන සංවිධායක ලෙස කටයුතු කරනා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු සිය තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට කටයුතු කර තිබේ.

එලෙස ධුරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහාය නොදී වෙනත් අපේක්ෂකයකුට සහාය දැක්වූ පිරිස් බව ඇය පවසයි.

එමෙන්ම තරුණ අපේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදීමත් මෙම තීරණයට හේතු වූ බවත් පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවත් වැඩිදුරටත් පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තනතුරුවලින් පහ කළ කොට්ඨාස සංවිධායක ප්‍රේමරංජිත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ සංවිධායකවරිය සිදු කළ අත්තනෝමතික ඉවත් කිරීම තමන් පිළිනොගන්නා බවත් මේ සම්බන්ධව පක්ෂ නායකවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka