gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිලින්ඩරයත් එක්ක දිගය ඉවරයි… ශ්‍රි.ල.නි.ප සිරිපාල පාර්ශවය නිවේදනය කරයි

නැවත කිසිදු අයුරකින් සිලින්ඩරය සමග මැතිවරණවලට තරග නොකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිරිපාල පාර්ශවය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පෙනී සිටින සිරිපාල පාර්ශවයේ  ලසන්ත අලගියවන්න පවසන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෆයිසර් මුස්තාපාට ජාතික ලයිස්තු මන්ත්‍රී අසුන හිමි වූයේ මැතිවරණයට පෙර පක්ෂ අතර ඇති කරගත් එකඟතාවයටක අනුව බවය.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙම නම් කිරීම ගැන චෝදනා කරමින් එය කුමන්ත්‍රණයක් බව පවසනවා නොවේදැයි මාධ්‍ය විමසූ ප්‍රශ්නයට ලසන්ත අලගියවන්න පිළිතුරු දුන්නේ ඔවුන් කෙසේ කීව ද ඒවාට සැලෙන්නට අවශ්‍යතාවයක් නැති බවය.

” මොකක්ද මේ අය කියන කුමන්ත්‍රණය. මැතිවරණයට කලින් අපේ එකඟතාවයක් තිබුණා. ඒ වගේම එතුමාගේ නම ජාතික ලයිස්තුවෙත් තිබුණා. ඉතින් මොකක් ද කුමන්ත්‍රණය. ” ලසන්ත අලගියවන්න විමසුවේය.

නැවත කිසිම ආකාරයකින් සිලින්ඩරය සමග එක්ව තරග නොකරන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් හැර කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ඔහු අවධාරණය කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka