gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේජර් ජනරාල් ජානක පෙරේරා ගේ ඝාතනය සැකයි… ඥාතීන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි!

ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මිය ගිය බව ප්‍රකාශිත මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය සැක සහිත බවත් ඔහුගේ ඝාතන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් පවසමින් මියගිය මේජර් ජනරාල්වරයාගේ සහෝදරයෙක් සහ ඥාති පුත්‍රයෙක් ඊයේ  (11) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2008 වසරේ ඔක්තොම්බර 06 වැනිදා මේජර් ජනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිය, වජිරා පෙරේරා ඇතුළු 28 දෙනෙක් ඝාතනය වන්නේ හමුදා ජීවිතයෙන් ඉවත් වි යෙදුන රාජ්‍ය තාන්ත්‍රික සේවාවනේ පසු තෝරාගත් කෙටි දේශපාලන ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක දී ය.

වර්ෂ 2001 දී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු මේජර් ජනරාල් ජානක පෙරේරා අනතුරුව දේශපාලනයට ප්‍රවේශ වන්නේ එවකට පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු පෙරමුණු අණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හිඳිමිනි. ඔහු උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකයාව හිඳ මහ ඇමති අපේක්ෂ ධූරය අපේක්ෂා කරමින් පළාත් සභා මැතිවරණ සටන දියත් කරන   අතර තුර අනුරාධපුර  ඔහුගේ  මැතිවරණ කාර්යාලය තුළදී එල්ලවන බෝම්බ ප්‍රහාරකයින් මේජර් ජනරාල් ජනාක පෙරේරා මිය යන්නේය.

මරාගෙන මැරනෙ එල්ටීටීඊ ප්‍රහාරයක් බවට මෙම ඝාතනය ප්‍රකාශ කෙරුණ ද එය එසේ නොවන බවට කරුණු මේ වනවිට ඉස්මතු වෙමින් ඇති බව පවසමින් අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ ජානක පෙරේරාගේ සොහොයුරෙක් සහ ඥාති පුත්‍රයෙක් ඝාතනය ගැන විමර්ශනයක් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාවත් ලිඛිතව දැනුම්වත් කිරීමට එම පැමිණිලිකරුවන් කටයුතු කර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka