අළුත් යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු?
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා හමුදාපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඔහු මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරනා අතර ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පැවසේ.
ඒ අනුව නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට නියමිතයි.
අළුත් යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු?
2024-12-30T10:11:00+05:30
Gossip Lanka Hot News






