gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැටිකිරිය එළියට එද්දි නාමල් මන්ත්‍රී ධුරය එපා කියයි... ඉවත් වෙන්න සූදානම්!

රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් තමන් තමා නීති විභාගට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේ නම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සදහන් කළේ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්ය.

නීති විභාගට මුහුණ දුන් ආකාරය පිළිබඳව එම අපහාසය එල්ල වන්නේ නාමල් රාජපක්ෂට නොව සමස්ත නීති පද්ධතියට බැවින් වහාම මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙසට මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී අධිකරණ අමාත්‍යවරයාට සදහන් කරයි.

තමා තනියම AC කාමරයක විභාගය ලිව්වා යැයි ඔප්පු වුවහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

මේ අතර නාමල් රාජපක්ෂ AC කාමරයකට වී ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක් සමග නීතීඥ විභාගයට මුහුණදුන් බවත් එය රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka