gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය පෙබරවාරි 01 දා සිට ස්ථිර ලෙසම විවෘතයි… ජනපති සහතික වෙයි!

පෙබරවාරි 01 වැනිදා සිට පුද්ගලික පරිහරණය සඳහා වාහන ගෙන්වීමේ වෙළෙඳපල විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන අතර සහතික වුනේය.
ඔහු කීවේ මේ වනවිටත් බස් සහ විශේෂ කාර්ය වාහන ආනයනය සඳහා ඉඩ ප්‍රස්ථා සලසා දී ඇති බවත් වාහන වෙළෙඳපල පෙබරවාරි 01 දා සිට විවෘත කරන්නේ නිශ්ඡිත ඇගයීමකින් පසුව බවත්ය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

වාහන වෙළෙඳපල ක්‍රමානුකූලව විවෘත කළ යුතුව තිබෙනවා මොකද එයත් එක්ක පැනැගුන කර්මාන්තයක් තියනවා. එයත් එක්ක ගොඩනැගුන ව්‍යවසායකයින් ඉන්නවා. මේ වාහන දීර්ඝ කාලයක් මෙම වාහන වෙළෙඳපල වසාගෙන සිටීමේ හැකියාවක් නෑ.

ඒ නිසා අපි විශේෂයෙන් සැලසුම් කරලා තියනවා ඛාන්ඩ තුනකින් මේ වාහන වෙළෙඳපල යළි විවෘත කරන්න.

මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා පාවිච්චි කරන වාහන 2024.12.14 සිට ඒ කියන්නේ පහුගිය14 සිට ලංකාවට ආනයනය කරන්න හැකිවන පරිදි විවෘත කරලා තියනවා.

ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ විවෘත කරන්න අප සැලසුම් කරලා තියනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය  2025 පෙබරවාරි මස 01 වැනිදා සිට විවෘත කිරීමේ යෝජනාව අප ඇතුළු කරලා තියනවා ක්‍රියාත්මක කරන්න.

නමුත් කවුරුත් සැකයක් හිතා ගන්න එපා මේ නිසා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දේවි කියලා. මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් කරලා වාහන ආනයනය සඳහා පිටමංව යන ඩොලර් ප්‍රමාණය  කොපමණ ප්‍රමාණයක් ද කියලා අප ඇස්තමේන්තු කරලා තියනවා. කොච්චර ප්‍රමාණයක් අපේ ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියලා අප සැලකිල්ලට භාජනය කරලා තියනවා.
නමුත් අප විශ්වාස කරනවා අපේ රට් ආර්ථිකය යළි කරකවන්න නම්, යළි හැරෙන්න නම් මේක උද්දිපනයක් වෙන්න නම් මේ වාහන වෙළෙඳපල විවෘත කළ යුතුයි. ඒ නිසා අපි දැඩි ස්ථාවරයකින් යුතුව වාහන වෙළෙඳපල විවෘත කිරීම අප ඉටු කරනවා. මොකද එය අත්‍යාවශ්‍ය දෙයක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka