gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ රට අත්විඳින්නේ පසුගිය රජය දියත් කළ වැඩපිළිවෙළ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකළ නිසා ලැබෙන ප්‍රතිඵලයක්… වැඩිපුර උද්දාමයට පත් නොවන්නැයි හර්ෂ ආණ්ඩුවට කියයි!

ණය ගෙවා ගත නොහැකි බංකොලොත්භාවයට පත් වීමෙන් අනතුරුව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායාමට වැටී අවුරුදු දෙක හමාරකින් අනතුරුව ඉන් ඉවත් වුව ද මේ මොහොතේ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්නට ලංකාවට හැකියාවක් නැති බවත් එම තත්ත්වය ලඟා කරගැනීම සඳහා තවත් අවුරුදු දෙකක්වත් ගතවන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ගමන් කිරීමෙන් අනතුරුව ණය ශ්‍රේණිය BBB තෙක් හෝ ඉහළ ගියහොත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට එකතු වීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කරගත හැකි තැනට අපේ ආර්ථිකය නැති බව පෙන්වා දුන්නේය.

ඔහු අවධාරණය කළේ මේ අත්පත් කරගත් ආර්ථික සහනය පවතින ආණ්ඩුව නිසා පැමිණි ආශ්චර්යයක් නොව පසුගිය රජය කළ වැඩපිළිවෙළත් එම වැඩ පිළිවෙළ මේ ආණ්ඩුව විසින් ඉස්පිල්ලක් පා පිල්ලක් වෙනස් නොකර පවත්වාගෙන යෑම නිසා රටට අත්වූ ප්‍රගතියක් පමණක් බවත් උද්දාමයට පත්වන ආණ්ඩු හිතෛශීන් සිහිකරගත යුතු බවත්ය.

“ෆිච්, මූඩීස් ශ්‍රේණිගත කිරීම යම් ඉහළ දැමීමකට ලක්වෙලා තියෙනවා. ඇත්තටම ඒක සතුටුදායක ආරංචියක් මුළු රටටම.”

“ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගන්න පුළුවන් ශ්‍රේණිගත කිරීමකට තවම අපි ඇවිත් නැහැ. ඒකට BBB වගේ තැනකට එන්න වෙනවා. එතනට එන්න ආර්ථිකය තවත් ශක්තිමත් විය යුතුයි.”

“මේ ලැබිලා තියෙන්නේ ගිය ආණ්ඩුවෙන් කරපු සහ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු අණ පනත් හරහා… රටේ වැටිලා තිබුණු ආර්ථිකය යම් ස්ථාවර භාවයකට ගේන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක්.”

“එහෙම නැතුව අලුතෙන් කරපු දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මූලිකවම මෙතන තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ජනාධිපතිවරණයට දින 2කට කලින් වෙච්ච එකඟතාවය ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට අරගෙන යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ.”

“මාලිමාවේ අය ඡන්දෙට කලින් කිව්වා…ණය තිරසර කිරීමේ විශ්ලේෂණය (DSA) වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා.”

“නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් මාලිමාවේ විකල්ප DSA එකක් පාවිච්චි කළේ නැහැ. මම කියන්නේ නැහැ ඒ පොරොන්දුව මත හිඳිමින් මේක වෙනස් කළ යුතුයි කියලා. මොකද එහෙම කළොත් තව අවුරුද්දක් දෙකක් අපිට අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ගන්න බැරි වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක දැනගෙනම ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම.”

“හැබැයි කරගෙන ගිය වැඩේ ඒ විදියටම ඉදිරියට අරගෙන යෑම නිසා රටට සෙතක් සැලසෙනවා.”

“කාලෙකට පස්සේ 3 වෙනි කාර්තුව 5.5කින් වර්ධනය වුණා. ඊළඟට කුමක් සිද්ධ වෙනවා ද ?. ඒ සඳහා ගතයුතු පියවර මොනවා ද ?. කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා.”


“ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනත් කියලා තියෙන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ විදියටම ඉදිරියට ගියොත් ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න හැකියාවක් තියෙනවා කියලා.”

“2027 වෙනකොට IMF එකඟතාවය අනුව නැවතත් අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් ණය ලබාගන්න සිද්ධ වෙනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka