රාජපක්ෂ පවුලේ සිකුරිටිට අයත් කෝටි ගණනක වත්කම් හෙලිවෙයි... යෝෂිතත් CIDයට කැඳවයි!
ඊයේ (27) දිනයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් ප්රශ්න කර තිබේ.
ඔහුට අයත් බව කියන විශාල වත්කම් ප්රමාණයක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් පැය හතරක කාලයක් මෙලෙස ප්රශ්න කිරීම සිදුව ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්රයා වන යෝෂිත රාජපක්ෂ මහතාද අයථා වත්කම් ඉපැයීමේ චෝදනාව මත ප්රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් ලැබී ඇති අතර ලබන 03වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි.
රාජපක්ෂ පවුලේ සිකුරිටිට අයත් කෝටි ගණනක වත්කම් හෙලිවෙයි... යෝෂිතත් CIDයට කැඳවයි!
2024-12-28T14:01:00+05:30
Gossip Lanka Hot News






