හර්ෂණ ආචාර්ය කිරීම.. චෝදනාව බිමල්ගේ කාර්යාලයෙන් නලින්දගේ කාර්යාලයට!
අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යන පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සදහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනෙකුගෙන් රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පාර්ලිමේන්තු නිලධාරීන් රහස් පොලිසිය හමුවට මෑත කාලයේදී කැඳවූ පළමු අවස්ථාවද මෙය වෙයි.
මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ කරන රහස් පොලිසිය සභා නායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලට භාරදී තිබූ ලිපිය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.
‘ආචාර්ය’ නාමය ඇමතිවරයාගේ නම ඉදිරියෙන් යොදමින් යැවූ ලිපිය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යයන් ලැබුණු එකක් බව සභානායක කාර්යාලයෙන් නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවද සඳහන් වෙයි.
මේ අනුව එම කාර්යාල දෙකේම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
හර්ෂණ ආචාර්ය කිරීම.. චෝදනාව බිමල්ගේ කාර්යාලයෙන් නලින්දගේ කාර්යාලයට!
2024-12-28T09:53:00+05:30
Gossip Lanka Hot News






