gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් දරුවන්ට කෑමට ගෙනා සහල් – පරිප්පුවල දිලීර හා සත්ව කොටස්!

පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සදහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මලවත්ත ඉදිරියේදී විනාශ කර ඇත.

ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී තඹුත්තේගම කලාපයේ තලාකොළ වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර සකස් කිරීම වෙනුවෙන් ලබාදීම සදහා ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී පරිප්පු හා සහල් තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී හා තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේදී පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ තවත් පරිප්පු සහ සහල් තොගයක් තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවදුරටත් සිදුකළ පරීක්ෂණයකින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් දරුවන්ට ආහාර සකස් කිරීමට ලබාදී තිබූ පරිප්පු සහ සහල් වල දිලීර, සත්ව කොටස් සහ පිළිකාකාරක කොටස් අඩංගු බැවින් ඒවා මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති බවට රජයේ රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වී ඇති අතර එනිසා එම භාණ්ඩ විනාශ කිරීමට අධිකරණ නියෝග කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka