gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වන සතුන් පාලනයට මට වඩා හොද යෝජනා තිබේ නම් දෙන්න.. ඇතැයි කියා සිතන්නේ නෑ - ඇමති ලාල්කාන්ත

වගා හානි කරන සතුන් සම්බන්ධව තමා කළ පාර්ලිමේන්තු කතාවට රටේ පරිසරවේදීන්, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ යෝජනා වලට තමා ස්තුති වන්ත වන බවත් ඔවුන් සතුව ඊට විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම් එය තමා වෙත භාරදෙන ලෙසත් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ලාල්කාන්ත මහතා පැවැසුවේ තමා කළේ සමාජයේ ඇති ප්‍රබල ප්‍රශ්නයක් සම්බන්ධ හා එම ප්‍රශ්නයට ස්ථාවර අවසන් විසඳුමක් ඉලක්ක කර ගනිමින් බවත් ඊට අවශ්‍ය පරිසරය සහ වටපිටාව ඉන් ගොඩනැඟෙන බවත්ය.

ඒ අනුව පරිසරවේදීන්ටත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහාද මත පළ කළ අයටත් ගොවීන්ටත් ඔවුන්ගේ සැබෑ ගැටලු හා යෝජනා ඉතා පැහැදිලිව පෙන්වා දුන් අතර ඔවුන්ටද තමා ස්තූතිවන්ත වන බව ලාල්කාන්ත මහතා පැවසීය.

විශේෂයෙන්ම විවිධ චෝදනා හා යෝජනා තමාගේ කතාව සම්බන්ධයෙන් මතු වූ අතර තම කතාව නැවතත් ඇහුම්කන් දෙන ලෙස ඉල්ලා සිටින බව පැවැසූ ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් සමාජය දැඩි උනන්දුවක් මතු වීම ම ඉතා වැදගත් බවය.

ඒ අනුව වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් පරිසරවේදීන්ට හෝ යම් පාර්ශ්වයකට විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම් එය ලබාදෙන ලෙසත් ඒ අනුව ක‍්‍රියාකිරීමට සුදානම් බවත් පැවැසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවැනි නිශ්චිත යෝජනාවක් ඔවුන් තුළ දැනට ඇතැයි තමා විශ්වාස නොකරන අතර තම අමාත්‍යාංශය හරහා ඊට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙළක් මේ වන විටත් සකසමින් යන බවය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ගෙන ඒමට තමාට හැකි වූ අතර එය පතෝල ගනයේ මාතෘකාවක් නොවීම නිසාම විවිධ යෝජනා හා චෝදනා වලට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ වන සතුන් සම්බන්ධ ප්‍රශ්නයට කෙටිකාලීන බලවත් උත්තරයක් සහ මධ්‍යකාලීන, දිගුකාලීන උත්තර එකට සම්බන්ධ වූ ව්‍යාපෘති සකස්කර ගනිමින් සිටින බවද ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

තවද මෙම මාතෘකාව මතුවීමත් සමඟ වගා හානි කරන සතුන් පලවා හැරීම වන්ධ්‍යාකරණය ඇතුළු විවිධ යෝජනා දැනටමත් ජනතාව විසින් ක්‍රියාත්මක කරමින් සිටීමද හොඳ ප්‍රගතියක් බව හෙතෙම වැඩිදුරටත් කීය.

– අනුරාධා හේරත්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka