පොහොට්ටුවේ ගුරු සංගමේ හිටපු සභාපතිනිය වසන්තා හඳපාන්ගොඩ එංගලන්තෙදී මියයයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇතැයි ද සඳහන්.
පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණි.
එහිදි දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබේ.
ඇය වෘත්තියෙන් ගුරුවරියකි.
පසුගිය 2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර පැවති අරගලයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව ඇය පිළිබඳව සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබුණි.
පොහොට්ටුවේ ගුරු සංගමේ හිටපු සභාපතිනිය වසන්තා හඳපාන්ගොඩ එංගලන්තෙදී මියයයි!
2024-12-25T15:39:00+05:30
Gossip Lanka Hot News






