gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ලොක්කන්ගේ අපූරු ජනතා සේවය... රජයට කෝටි 381ක් අහිමිවෙයි!

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ පසුගිය 2020 වර්ෂයේදී පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32ක් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට අතරමග නතර වී ඇත.

පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32 සදහා වැය කරන ලද රුපියල් කෝටි 381ක මුදලක් රජයට අහිමි වී ගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

ව්‍යාපෘති අතරමඟ නතර වී ඇත්තේ, ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීමට පළාත් සභා ආවරණය වන සමහර ප්‍රදේශ වල ජල සම්පාදන පහසුකම් නොමැතිවීම, එම ස්ථාන වලට ගමන් කිරීමට ප්‍රවේශ මාර්ග නොමැති වීම, ඉදිකිරීම් කරගෙන යන ගොඩනැගිලි අනුමත සැලසුම්වලට අනුකූල නොවීම නිසා බවද සදහන් වේ.

මහජන ඉල්ලීම් වලින් තොරව වෙළෙඳපොළ ඉදිකිරීම, සත්ත්ව පාලන මධ්‍යස්ථාන, සමෘද්ධි ව්‍යාපෘති සදහා ගොඩනැගිලි පවත්වා ගෙන යන ස්ථාන ආරම්භ කිරීම, ප්‍රජාශාලා ඉදිකිරීම යන ආදී ස්ථාන ආරම්භ කර ඇති බවද අනාවරණය වී ඇත.

එම ව්‍යාපෘති අතර ඇතැම් ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව වන අතර පළාත් සභාවල අනුමැතියෙන් ආරම්භ කරන ලද ජල ටැංකි විශාල ප්‍රමාණයක් ඉදිකිරීම් කර ඇත්තේ බිම් මට්ටම සැලකිල්ලට නොගෙන බවද අනාවරණය වී ඇත.

ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍ර වල ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති වීම නිසා ජල ව්‍යාපෘති 25ක් පමණ අතරමඟ නතර වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka