gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දානෙට මස් මාළු පිරිකර කිසිවක් එපා… ඒ මුදල පන්සලේ සෝල පද්ධතියට දෙන්න…! – දිඹුලාගල නාහිමි

සිය විහාරස්ථානයේ මහ සඟරුවනට දානය පූජා කිරීමේ දී මින් ඉදිරියට මස්, මාංස, අටපිරිකර මෙන්ම සෙසු පිරිකරවලින් තොර දානය පූජා කරන ලෙස ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ දායකයන්ගෙන් ඉල්ලීමක් කරති.

මස් මාළු පිරිකර ඇතුළු කටයුතු සඳහා වැය වන මුදල සේනාසනයේ යෝජිත සූර්ය විදුලිබල පද්ධතිය ස්ථාපනය සඳහා ලබාදෙන ලෙසත් උන් වහන්සේ ඉල්ලා සිටිති.
“සේනාසනය සඳහා මාසිකව ලක්ෂ පහකට වැඩි විදුලි බිලක් ලැබෙමින් පවතිනවා. පසුගිය වසර ගණනාවක හිඟ විදුලි බිල වශයෙන් රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට තිබෙනවා. මෙම තත්ත්වය අවම කර ගැනීමට, දායකකාරකාදීන් දානය පූජා කිරීමේදී මස් – මාංස, අටපිරිකර සහ සෙසු පිරිකරවලට යන වියදම සෝලා විදුලි පද්ධතිය ඉදිකිරීම වෙනුවෙන් ලබාදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා.

මේ සේනාසනයේ සාමණේර හිමිවරුන් සහ භික්ෂුන් වහන්සේ අසූවකට වැඩි පිරිසක් නේවාසිකව වැඩ වාසය කරනවා. මේ අයට දායකකාරකාදීන් පිරිකර අසූවක් පමණ අරන් එනවා, ඒ වගේම මස් මාංස සඳහා දායකයන් විශාල මුදලක් වැය කරනවා. අපි ඉල්ලීමක් කරනවා ඒ සියලු දේ නවත්තලා, අපි ඉදිකිරීමට සැලසුම් කරලා තිබෙන සෝලා විදුලි පද්ධතියේ වැඩකටයුතු ඉදිකර ගැනීමට ඒ මුදල් යොදවන්න කියලා. සෝලා විදුලි පද්ධතිය ඉදිකර ගැනීමට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඕන වෙනවා. අපි කිලෝවොට් 300ක විදුලි ධාරිතාවක් ඇති සෝලා පද්ධයක් ඉදිකරන්න සැලසුම් කරල තියෙන්නෙ.

ඒකෙන් අපිට රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් ලැබෙනවා. ඒ ලක්ෂ නවයෙන් පුළුවන් අපේ හිඟ විදුලි බිල පියවා ගන්න. ඉන්පසු අවුරුදු විසිපහක් යනකම් අපිට ලක්ෂ නවය මාසිකව ලැබෙනවා. මේ ව්‍යාපෘතියට අවශ්‍ය පැනල් ගෙන්වා ගන්න තියෙන්නේ මහජන චීනයෙන්. ඒකට විශාල මුදලක් යනවා. අපි මේ සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ක සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කර තිබෙනවා.

මහජන චීනයෙන් තමයි සෝලා විදුලි පද්ධතියට අවශ්‍ය පැනල් ටික ගේන්න වෙන්නේ. ඒවා ගෙන්වන්න ලොකු බදු මුදලක් අය කරනවා. ඒ බදු මුදල් අඩු කර ගත්තොත් ව්‍යාපෘතියට යන වියදම තවත් අඩුු කර ගන්න පුළුවන් වෙනවා.

අපි මේ ව්‍යාපෘතියට ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අපිට බදු මුදල්වලින් තොරව සහන මුදලට සෝලා පැනල් ටික ගෙන්න ගන්න අවශ්‍යතාව තියෙන්නෙ. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා ඒ සඳහා අපිට සහයෝගය ලබා දෙයි කියලා. මෙම සෝලා ව්‍යාපෘතිය සාර්ථක කරගන්න දෙස් – විදෙස් පරිත්‍යාගශීලීන්, දානපතීන්, දායකකාරකාදීන්ට අපි ආරාධනාවක් කරනවා හැකි ආකාරයෙන් මේකට දායක වෙන්න කියලා.”

රාහුලාලංකාර නාහිමියන් ඒ බව සඳහන් කළේ, දායකකාරකාදීන් පිරිසක් 07 වැනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සඟරුවන වෙත දානය පිරිනැමීමට පැමිණි අවස්ථාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka