gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ සුදුසුකම් සෙවූ අජිත් පී.පෙරේරා අධිනීතීඥ විභාගය ලියා ඇත්තේ වයස අව්රුදු 5න්!

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ, මාලිමාවේ මන්ත්‍රීවරු ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මඩ ප්‍රචාරයක් ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාව විසින් ජනතා නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ප්‍රශ්න කිරීම ඉතාමත් සාධනීය තත්ත්වයක් බවත් ඒ සඳහා ජනවරමට ගරු කරමින් ජනතාවට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩුව සූදානම් නමුත් පසුගිය ආණ්ඩුවල දුෂණ අක්‍රමිකතා සහ මිනීමැරුම් ආදී වැරදි සඳහා චෝදනා ලැබූවන් සහ වැරදිකරුවන් වූවන් විසින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විමසීම ඉතාමත් විහිළු සහගත තත්වයක් බව ඔහු අමාත්‍යවරයා පැවසීය.

වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමට පෙර දෙවරක්‌ සිතා බලන ලෙස විපක්ෂයට යෝජනා කළ අමාත්‍යවරයා අජිත් පී පෙරේරා මහතාගේ අධිනීඥ තනතුර සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි කළේය.

පසුගිය මැතිවරණ සමයේදී අජිත් පී පෙරේරා මහතා විසින් අධිනීතීඥවරයෙකු ලෙසින් තමා හඳුන්වා දෙමින් බෙදාහැරි පත්‍රිකා නමයක් සභාගත කිරීමට කටයුතු කළ හර්ෂණ නානායක්කාර මහතා, යම්කිසි තැනැත්තෙකු අධිනීතීඥය වරයෙකු වීමට නම් 1973ට පෙර අදාළ විභාගය සඳහා ඉදිරිපත් වූවකු විය යුතු බව පැහැදිලි කළේය.

1973න් පසු එම විභාගය ක්‍රියාත්මක වී නොමැති හෙයින්, ඉන් මෙපිට අධිනීතීඥවරු කිසිවෙකු සිටිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා 1973 ට පෙර අජිත්.පී පෙරේරා මහතා එම විභාගය සඳහා ඉදිරිපත් වූයේ නම් එවකට ඔහුගේ වයස අවුරුදු පහක් පමණ විය යුතු බවද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka