gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුමැතියක් නැති මිලියන 2200ක ඇන්ටිජන් ජාවාරම... ඇමති සියල්ල හෙළිකරයි

පසුගිය කොවිඩ් වෛරස ව්‍යාප්ති සමයේදී රුපියල් මිලියන 2200කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින් මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අදාළ සමාගම එක් ඇන්ටිජන් කට්ටලයක් සදහා රුපියල් 1146 සිට 937 දක්වා මුදලකට මිලදී ගෙන තිබෙන බවත් එම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200ක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති දිවැස ෆාමා කලම්බු නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2ක සංඛ්‍යාවක් මිලදීගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සදහන් කරයි.

අදාළ සමාගම 2021 ජුනි (01) වැනිදා අදාළ සමාගම ලියාපදිංචියට අවසර ඉල්ලා තිබුණත් ඒ සදහා වන සුදුසුකම් සපුරා නැති හෙයින් එය ලියාපදිංචි කර නොමැති සමාගමක් බැවින් එම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍යවරයා සදහන් කරයි.

අදාළ කාල වකවානුවේදී රුපියල් මිලියන 6442ක් වැයකරමින් PCR සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කර ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අනාවරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka