gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම බලා සිටි ජනපතිගේ සිහින ව්‍යාපෘතිය ඇරඹේ!

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.

පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩළ රැස්විමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කරනු ලැබීය.

ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතු ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊයේ (19) නිකුත් කළ අතර මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු නම්කර තිබේ.

ජනපතිගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මකවන මෙම වැඩසටහනේ මෙහි අරමුණ වන්නේ, මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීමත් පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ළඟාකර ගැනීමත් බව සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka