gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණයක් කරගනී..? පවුලටම සීමාවකින් ​තොරව වෛද්‍ය පහසුකම් අනුතමයි..?

ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා තමන්ට හිමි වැටුප මෙන් දෙගුණයකින් වැටුප් හා දීමනා වැඩි කරගෙන ඇතැයි රජයට පැමිණිලි කර ඇත.

ඛනිජ තෙල් සේවකයන්ට තිබිය යුතු වෛද්‍ය දීමනා කපා දමා තිබියදී වත්මන් සභාපතිවරයා බිරිඳ හා දරුවන්ට සීමාවකින් ​තොරව වෛද්‍ය පහසුකම් සඳහා දීමනා හා අනෙකුත් දීමනා ලබාගැනීමටද අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය ලබාගෙන ඇති බවද අනාවරණය විය.

කොළොන්නාව ​තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති තීරණයෙන් පසු නිකුත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව සංස්ථා සභාපතිවරයාට රුපියල් හයලක්ෂ විසිපන්දාහක සියලු දීමනා සහිත වැටුපකට හිමිකම් පා ඇත.

‘‘රුපියල් තුන්ලක්ෂ ගණනක වැටුපක් ලබමින් මුතුරන්වෙල සේවය කරද්දී ලබාගත් කළමනාකරුවකුගේ වැටුප මෙන් දෙගුණයක් මේ සමගින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා වෙත ලැබෙන බවත්, එය ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) ලැබෙන වැටුපට අමතර එකක් බවත් සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ‘අරුණ’ ට පැවැසීය.

ඉතිහාසයේම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ වැටුපට වඩා සභාපතිවරයාගේ වැටුප වැඩිවූ පළමු අවස්ථාව මෙය බවද හෙතෙම පෙන්වා දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සමයේ සියලු සංස්ථා සභාපතිවරුන්ට රුපියල් ලක්ෂයක වැටුපකට සීමා කර තිබියදී වැටුප් රහිතව සේවය කරන බව පවසා පත්වූ බලධාරීන් ඉතිහාසයේ වැඩිම වැටුපකට හිමිකම් පා ඇතැයි සේවකයෝ පෙන්වා දෙති.

නව කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත්තේද හොරකම් චෝදනාවකට බංග්ලාදේශයේ ගෑස් සමාගමකින් සේවයෙන් පහ කළ නිලධාරියකු බවත්, ඔහුට තෙල් සංස්ථාවෙන් රුපියල් ලක්ෂ පහක වැටුපට අමතරව කොළොන්නාවේ බෝඩ් පේපර් එකෙන් දෙලක්ෂ පනස්එක් දහසක දීමනාවක් ලැබෙන බවද ආනන්ද පාලිත ‘අරුණ’ ට පෙන්වා දුන්නේය.

මෙයට අමතරව මෙම නිලධාරීන්ට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා වාඩිවීම වෙනුවෙන් රුපියල් විසිදහස බැගින් ගෙවන බවද අනාවරණය විය.

2024 නොවැම්බර් 8 දාතමින් නිකුත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව (252nd of 11/2024) අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා විශ්‍රාමික නිලධාරියකු රුපියල් හාරලක්ෂ විසිපන්දහසක වැටුපක්, වාහනයක් සහ තෙල් ලීටර් 200 ක මාසික දීමනාවක් සමග බඳවාගෙන ඇත. මෙහෙයුම් කළමනාකරුවකු ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවාගෙන ඇති මෙම නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩලයට එක්කරගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka