gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් අර්බුදයට ස්ථිර විසඳුමක්.. පොල් ගස් හිමියන්ට රජයෙන් අත හිත!

නියෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්ත මහතා පවසන්නේ වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට ඉදිරියේදී රජය පියවර ගන්නා බවයි.

මෙරටට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට සැලසුම්කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි. සාමාන්‍ය ජනතාවත් පොහොර දාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ. පොහොර නැවක් ආවා පහුගිය කාලයේ කැබිනට් එකේ කතා කරලා ඒ පොහොර නැවෙන් භාගයක් පොල් වගාවට ලබාදෙන්න අපි තීරණය කළා.”

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ ලබන වසර වන විට රට තුළ පවතින පොල් අර්බුදයට ස්ථිර විසඳුම් සෙවීමට හැකි වනු ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka