නඩු කෝ අසමින් නාමල් රාජපක්ෂ ඇතුළු දූෂණවලට සම්බන්ධ කණ්ඩායම් නගන ගෝසාවට යට නොවී කාලය රැගෙන ඉලක්ක චෝදනා සඳහා නෛතික ක්‍රියාමාර්ගවලට එළඹී නියත දණ්ඩනයට අදාල පුද්ගලයින් නතු කරන බැවින් ඉවසිමෙන් බලා ඉන්නැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ඉල්ලා සිටියේය.
අන්තර්ජාතික තලයේ දූෂණ චෝදනා ලද ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය රටට ඇතුළුවීමට පනවා ඇති තහනම වත්මන් රජය විසින් සිදුකරගෙන යන දූෂණ විරෝධී සහ දූෂකයින්ට දඬුවම් දීමේ නෛතික ක්‍රියාවලියට උත්තේජනයක් සපයන බවත් මේ සිද්ධිය මුල් කරගෙන ද තමන්ට නඩු කෝ යැයි නොවිමසා ඉවසීමෙන් බලා සිටින ලෙසත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
” අප පසුගිය කාලයේ දී මෙවැනි ආකාරයේ දූෂණ සම්බන්ධව බරපතල ලෙස හඬ නගපු කණ්ඩායමක්. අප ජනතාවට පොරොන්දු වුනා මෙවැනි ආකාරයේ දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අනුව අප කටයුතු කරමින් යනවා. ප්‍රමාද වූ සහ අත් හිටුවන ලද විමර්ශන යළි ආරම්භ කරලා තියනවා. නඩු පැවරීම් කටයුතු කරනවා.
නඩු පැවරීම සදහා අපට දූෂණවලට සම්බන්ධ අයගේ ඝෝෂාවට අපි යට වෙන්නේ නෑ. මම දැක්කා පහුගිය කාලෙදි කෝ අපට නඩු දැම්මද, කෝ හොරු ඇල්ලුව ද, කොයි උසාවියෙ ද නඩු දැම්මේ වගේ දේවල් මේ ගොල්ල අහනවා.
ඒ නිසා නාමල් රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායමට ඕන්නම් මේ තීන්දුවත් එක්කත් අහන්න පුලුවන් කෝ මොකද කළේ කියලා.
අපේ රජය ප්‍රමාණවත් කාලයක් ලබා ගැනිමින් නිසි පරිදි විමර්ශනය කරලා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කරුණුවලින් ඔප්පු වෙමින් යන්නේ ඇත්තටම මිග් යානා ගනුදෙනුව සහ එයාබස් ගනුදෙනුව සම්බන්ධව අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දි ලංකාවේ රජයටත් මේක පහසුවක් වේවි. මොකද . සමහර ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ අපේ සීමාව ඇතුළෙ නෙමෙයි. ජාත්‍යාන්තර මට්ටමේ දි. ඒ රටවල සහායත් ලබා දේවි. මේ තීන්දුව මා හිතනවා ලංකාවේ දූෂණ වැලැක්වීමේ ක්‍රියාවලියට සහ දූෂිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලියට උත්තේජනයක් සහ සහයෝගයක් ලබා දීමට හේතු වේවි කියලා.
මේකෙන් ඔප්පු වෙන්නේ මේ දූෂිතයන් ලෝක පරිමාණයෙන්ම මේ දූෂණ සිද්ධ කරලා තියනවා කියන එකම තමයි. අපි රජයක් ලෙස ශක්තිමත්ව නීති ක්‍රියාත්මක කරනවා. පහුගිය කාලයේ මේ අය නිවැරදි කරගන්න උත්සාහ කළ අයට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් හොඳ පණිවිඩයක් ලබා දීලා තියනවා.”