රනිලුත් නෑ! දිනේෂුත් නෑ! කාංචනත් නෑ! තලතාත් නෑ! සිලින්ඩරේ ඉතිරි ලයිස්තු මන්ත්‍රී පුටුව ෆයිසර්ට! නම මැතිවරණ කොමිසමට!
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතිබව වාර්තා වේ. පසුගිය මහ මැතිවරණයට සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය.
ඉන් එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගනු ලැබුවේ රවී කරුණානායක යි.
ඉතිරි මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වෙත ලබාදෙන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂ තුනක් ලිඛිතව ඉල්ලීම් කර තිබිණ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් එම ඉල්ලීම කර තිබුනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් දුමින්ද දිසානායක, නව සන්ධානය වෙනුවෙන් එහි නායක නිමල් ලන්සා සහ පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ලසන්ත අලගියවන්නයි.
රනිලුත් නෑ! දිනේෂුත් නෑ! කාංචනත් නෑ! තලතාත් නෑ! සිලින්ඩරේ ඉතිරි ලයිස්තු මන්ත්‍රී පුටුව ෆයිසර්ට! නම මැතිවරණ කොමිසමට!
2024-12-10T16:25:00+05:30
Gossip Lanka Hot News







