gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුතෙන් එන්න යන ලාබ බෝතලේට පටන් ගනිද්දීම බාල්දියක් පෙරළෙයි!

නීතිවිරෝධී මධ්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක, ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළයුත්තේ වැටළීම් සිදුකර නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනය අඩාළ කිරීම මිස, කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න පවසයි.

වර්තමානයේ දේශපාලන මැදිහතවීමක් නොමැති අවස්ථාවක නීතිවිරෝධී මත්පැන් පෙරන ස්ථාන වටළා සම්පූර්ණයෙන් ඒවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හා පොලිසියට හැකියාව තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

එසේ නොමැතිව මිල අඩු අරක්කු හඳුන්වාදීම වැනි විද්‍යාත්මක නොවන තීරණ ගැනීමෙන් තත්ත්වය වඩාත් බරපතළවීමක් මිස යහපතක් සිදුනොවන බවත් හෙතෙම සදහන් කරයි.

මෙවැනි තීරණ ගැනීමට පෙර මේ පිළිබඳ විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීම අදාළ බලධාරීන් විසින් සිදු කළ යුතු නොවේදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මධ්‍යසාර අවම කිරීමේ නිර්දේශවල මිලදී ගැනීමේ හැකියාව අඩුකිරීම සහ සුලබතාව අඩුකිරීම රජයකට ගත හැකි වියදම් අඩුම සහ ඵලදායීම ක්‍රමවේදයක් ලෙස නිර්දේශ කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

පසුගිය වර්ෂවල බදු වැඩිකිරීම හරහා සුරාබදු අදායම් වැඩි වී මධ්‍යසාර භාවිතය අඩු වූ පසුබිමක මෙවැනි තීරණ වලින් මධ්‍යසාර නිෂ්පාදනය කරන සමාගම්වලට වාසියක් අත්වීම මිස ජනතාවට වාසියක් නොවන බවත් අමරනාත් තැන්න පෙන්වාදෙයි.

අරක්කුවල මිල අඩුකළ විට කසිප්පුවලද මිල ද අඩුවන අතර, නීතිවිරෝධි අරක්කු ව්‍යාපාරය හැමවිටම නීතියානුකූල මධ්‍යසාරවලට වඩා අඩු මිලක් පවත්වා ගනී.

එවිට කසිප්පු පානය කිරීමේ අඩුවක් සිදුනොවන අතර තව තවත් වැඩිවීමද සිදුවන බව පැවැසේ.

මීට පෙර අවස්ථාවලත් කසිප්පු බීම අඩුකිරීමට බව පවසමින් බියර් මිල අඩුකළ අවස්ථා පැවැති බවත්, එවැනි අවස්ථාවල කසිප්පු භාවිතයේ අඩුවක් සිදුනොවුණු අතර, බියර් බීම වැඩි වූ බවත් සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන බවත් හෙතෙම පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka