gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිඟිති දරුවා ඉදිරියේ පියා වෙඩි තබා ඝාතනය කළ මීගොඩ අපරාධයට සම්බන්ධ තවත් 03ක් අත් අඩංගුවට…

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිය වසයස අවුරුදු එක හමාරක දරුවා සහ බිරිය ඉදිරියේ  පසුගිය 14 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (22) පස්වරුවේ හෝමාගම හා මීගොඩ පොලිස් වසම් වලදී අත් අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් අවුරුදු 22,26 හා 38 යන වයස්වල පසුවන පාදුක්ක හා මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පසුගිය 19 වනදා මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුවෙකු හා එයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් අනුව ලැබුණු තොරතුරු මත ඊයේ මෙම අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ගෙන් එක් අයෙකු මෙම අපරාධය සිදුකිරීමට වෙඩික්කරු සමග පැමිණි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 
( අද දෙරණ )
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka