gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හාල් හිඟය ඇතිකරන වී තොග රැස් කරන්නන්ගේ කුපාඩිකම කුඩා වී මෝල් හිමියෝ රටට කියති!

අතරමැදි වී තොග ගබඩාකරුවන් වී කිලෝවක් රුපියල් 150කට වඩා වැඩි මිලකට විකුණා ගැනීමේ අභිලාෂයෙන් වී නිකුත් කිරීම මුළුමනින්ම නවතා දමා ඇති නිසා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්වලින් සියයට 90ක් වැසී ඇති බව මරදගහමුල තොග සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති කේ.පි.රන්ජිත්  අනාවරණය කළේය.

ඔහු ප්‍රකාශ කළේ නොවැම්බර් මාසය තුළ වී මෝල් අති බහුතරයක් ක්‍රියාත්මක නොවූ බවත් හේතුව අතරමැදි වී තොග ගබඩා කරුවන් වී නිකුත් නොකිරීම බවත්ය.

මේ තත්ත්වය ඉදිරියේ දි තවත් තීව්‍ර වනු ඇති බව පවසන සභාපතිවරයා නිර්මාණය වූ ආපදා තත්ත්වය තුළ මහ කන්නයේ අස්වැන්න ප්‍රමාදවීම පිළිබඳ තක්සේරුව ද සමග වී තොග රැස් කරන්නන් සිය තොග සඟවා තබා ගැනීමට වැඩි පෙළඹුමක් සහිතව කටයුතු කරනු ඇති බවය. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ලංකාසරට අදහස් දක්වමින් මරදගහමුල තොග සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති කේ.පි.රන්ජිත් පැවසුවේ මෙවැන්නකි.

“වී තොග රැස් කරන්නන් වෙළෙඳපලට වී නිකුත් වෙන්නේ නෑ. මගේ මෝලේ විසි හත් දෙනෙක් වැඩ කරනවා. දවසකට වී කිලෝ පනස් දාහක වැඩ අපි කරනවා. අපි මේ මාසෙට දවස් දෙකයි වැඩ කළේ. අපි ගාව දැන් වී ඇටයක් වත් නෑ. අපි හැමදාම වෙළෙඳපළෙන් අරන් වැඩ කරන්නේ. ජනවාරි අන්තිම වෙනකම් මෝළ වහලා තියෙන්න තීන්දු කළා. ” සභාපතිවරයා පැවසුවේය. ඔහු කියන්නේ අතරමැදි තොග රැස් කරන්නන් මේ වනවිට රටම දැඩි පීඩාවට පත් කර ඇති ආකාරයයි.

“ගොවියා සතුවත් වී නෑ. එක්කො මහා පරිමාණ මෝල්වල ගබඩා ඇතුළේ. නැතිනම් වී එකතු කරන මිනිස්සුන්ගෙ ගබඩාවල. තොග එකතු කරන්නන් වී තොග හංගන් ඉන්නවා. මේ වෙනකොට වී කිලෝවක් රුපියල් 144යි උපරිම මිල. තොග රැස් කරන්නන් වී කිලෝ එක රුපියල් 150 පනිනකම් බලන් ඉන්නවා. වී හිඟය ඇති වෙලා තියෙන්නේ මෙහෙමයි. වී වෙළෙඳපලට නිකුත් වෙන්නේ නැති තත්ත්වය තුළ රටේ කුඩා මෝල් ඔක්කොම වාගේ වැහිලා තියෙන්නේ. දැනට වැඩ කරන් යන්නේ මහා පරිමාණ මෝල් කීපයක් විතරයි. ” සහල් නිශ්පාදනයේ තත්ත්වය ගැන ඔහු පැවසුවේය. මේ ඇති වූ ස්වභාවික ව්‍යසනයත් සමග රටේ වී වගාවෙන් හතරෙන් තුනක් සපයන නැගෙනහිර පළාතේ අම්පාර,  මඩකලපුව, දිස්ත්‍රික්කත් උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයත්, උතුරුමැද පළාතේ අනුරාධපුර පොලොන්නරු දිස්ත්‍රික්ක ආවරණයවන මහවැලි කලාපයත්,  දකුණේ ගාල්ල මාතර දිස්ත්‍රික්කත් කේන්ද්‍රකරගත් ගොවි බිම්වලට සිදුවූ බිහිසුණු ව්‍යසනය නිසා මහ කන්නයේ අස්වැන්න අඩුම තරමින් මාස දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වීම සමග ඇතිවන අර්බුදයේ ජඩ ලාභයක් ලැබීමට අතරමැදි තොග එකතු කරන්නන් දියත් කර ඇති සැලසුම ද කේ.පී රන්ජිත් හෙළි කළේය.

“මේ මාසේ මුල් සති කීපයේ වී පොඩ්ඩක් හරි වෙළෙඳපලට ආවා. දැන් මේ මිනිස්සු වී විකුණන්නෙම නෑ. ඉදිරියේ දී ඇතිවන සහල් හිඟයට ආණ්ඩුව මැදිහත් වුනේ නැතිනම් හාල් කිලෝ එක රුපියල් 300කටවත් ගන්න ලැබෙන්නේ නෑ. හේතුව ස්වභාවික විපත නිසා කන්නය තව පස්සට යනවා. ජනවාරි මැද වෙද්දි එන්න තිබුණ අස්වැන්න එනකොට පෙබරවාරිත් පහුවේවි. වී තියන මිනිස්සු ඒක දන්නවා. ඒ මිනිස්සු හිතූ හිතූ මිල කියාගෙන වී නොදී ඉන්නවා.”

මේ වනවිට රටේ සුපිරි වෙළෙඳසල් ජාලයන්හි සහල් නැත. හේතුව පාලන මිලට සහල් විකිණීම පිළිබඳ සාධකය නොවේ. මේ අර්බුදය අවස්ථාවේ දී ගැටලුව වතත් උග්‍ර කරන ආකාරයෙන් පාලන මිල සම්බන්ධ වැටලීම් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියත් කටයුතු කරන්නේ නැත.

හාල් හිඟයට හේතුව වී තොග රැස් කරන්නන් වී දෙන්නෙ නැති එක විතරයි. එතකොට සහල් නිශ්පාදනයක් නෑ. මහමෝල් හිමියන් පාලනයකට යටත්ව තමයි වී තොග මුදා හරමින් සහල් කර වෙළෙඳපලට නිකුත් කරන්නේ. ඒ හැරෙන්න වී තොග රැස් කරන අය වෙළෙඳපලට වී නිකුත් කරන්නේ .”  ඔහු අපට මහ පොළොවේ යථාර්ථය පවසන්නේය. රජයේ මැදිහත්වීම අනිවාර්ය වන්නේ මේ තත්ත්වය තුළ බව ඔවුන් පෙන්වා දෙන්නේය.
-lankasara

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka