gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජයවර්ධනපුර රෝහලේ සැත්කමක් කරපු 9 හැවිරිදි දරුවාට ආපහු සිහිය ඇවිත් නෑ! දින 4කට පසු මියයයි!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව සිහි නොලබා මියගිය තම නව හැවිරිදි දරුවාගේ මරණයට එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වගකිව යුතු බවට මියගිය දරුවාගේ දෙමාපියෝ චෝදනා කරති. මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට පෙතිගමුව හල්තොට ප්‍රදේශයේ පදිංචි ධනූජ වික්‍රමාරච්චි නැමති 09 හැවිරිදි දරුවෙකි.

මෙම දරුවා පසුගියදා (18 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර අතර එහිදී මෙම දරුවාට ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව කියයි.

හිරිවැට්ටීමකින් සිදුකරන මෙම ශල්‍යකර්මය මෙම දරුවාගේ වයස සැලකිල්ලට ගෙන සිහි නැති කර සිදුකිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව ශල්‍ය කර්මය සිදුකළත් දරුවාට සිහිය ලැබී නැති බවද පැවසේ.

ඒ අනුව සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මෙම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේද සිහිය නොමැතිව දින කිහිපයක් ප්‍රතිකාර ලැබ දරුවා පෙරේදා මියගොස් ඇතැයි දෙමාපියෝ පවසති. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාගෙන ඒ ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

-දීපා වසන්ති එදිරිසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka