gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ මව රජයේ රෝහලේ බෙහෙත් ගැනීම ‘සිස්ටම් චේන්ජ්’ එකයි.. එය මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි.

තම මෑණියන් ගමේ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආදර්ශවත් ක්‍රියාවක් බවද ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි.

මීට පෙර රටේ ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ලබාගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරට බවත් මෙය රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් බවද ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි.

ඕමල්පේ සෝභිත හිමියෝ තවදුරටත් සදහන් කළේ,

“අද අප මෙහි ආවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ සිටින ලෙඩෙක්ට ආශිර්වාද කරන්නයි. ඒ ලෙඩා වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්. අත්තංගනේ රතනපාල නාහිමියන් ඇතුළු අප ගොස් එතුමියට සෙත් ප්‍රාර්ථනා කළා.

රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. අප බලාපොරොත්තු වන සිස්ටම් චේන්ජ් එක මෙයයි. තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපති තුමාගේ ආදර්ශවත් ක්‍රියාවක් බව කිව යුතුයි.

මීට පෙර ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරටයි. මෙය අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් ලෙසද සැලකිය හැකියි. පසුගිය රජයන් වල අය කටයුතු කළේ සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳ වැටෙන අයුරින්.”

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනාධිපතිවරයාගේ මෑණියන්ට ආශිර්වාද කිරීම සඳහා සෝහිත හිමි ඇතුළු මහා සංඝරත්නය (23) එහි වැඩම කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka