gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජාංගනේ හිමියන් ගැන අධිකරණයෙන් නියෝගයක්

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන ඇප කොන්දේසි මත මුදාහැරුණු රාජාංගනය සද්ධාරතන හිමියන් අදාළ ඇප කොන්දේසි කඩ කර ඇතිද යන්න සම්බන්ධයෙන්  අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (18) නියෝග කර තිබේ.

සැකකාර හිමිනම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදී.

සැකකාර හිමියන්ට එලෙස කටයුතු නොකරන ලෙස තරයේ අවවාද කරමින් මුදා හරින ලද බවත් එම ඇප කොන්දේසි කඩ කර ඇති බවත් නීතිඥවරයා සීඩී පට ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා තිබේ.

ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව පවසමින් 2023 වසරේ මැයි 29 දින පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගැනුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka