සුජීවටත් ලෙඩක් වැටේ...! වාහනයක් රස පරීක්‍ෂකට අරන් යයි!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් භාවිත කළ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂාව සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදාල මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමක් සහික බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙකු මගින් රැගෙන යාමට සූජීව සේනසිංහ මහතාගේ නීතිඥයා විසින් කරන ලද ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී ඇත.
සුජීවටත් ලෙඩක් වැටේ...! වාහනයක් රස පරීක්‍ෂකට අරන් යයි!
2024-11-08T15:30:00+05:30
Gossip Lanka Hot News






