gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරියට 8 ශ්‍රේණිය වෙනතුරු තරග විභාග නෑ..- අගමැතිනි

පෙර පාසල් අධ්‍යාපනය තම ආණ්ඩුවක් යටතේ සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශයට එක් කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට ඇතිකර තිබෙන හොඳ පාසල් සහ හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් හා ජනප්‍රිය නොවන පාසල් ආදී පාසල් අතර බෙදීම් බවත් ඇය පෙන්වා දෙයි.

ඒ අනුව පාසල් අතර ඇති විෂමතාවය ඉවත් කළ යුතු බවද ඒ සඳහා කළ යුත්තේ රජය අධ්‍යාපනයට සිදුකරන ආයෝජනය ඉහළ නැංවීම බවත් ඇය කියා සිටී.

වයස අවුරුදු තුන පහ අතර කාලය යනු දරුවන්ට අකුරු උගැන්වීමට, ගණන් ඉගැන්වීමට හෝ ලියන්න කියන්න උගන්වන කාලයක් නොවන බවත් විභාග වලට සූදානම් කරන කාලයක් නොවන බවද ඇය පෙන්වා දෙයි.

තම පාලනය යටතේ බලාපොරොත්තු වන අධ්‍යයන අධ්‍යාපන ක්‍රමය තුළ අට ශ්‍රේණිය වෙනතුරු තරගකාරී විභාග පැවැත්වීමට බලාපොරොත්තුවක් නැති බවද ඇය තවදුරටත් කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ පෙරපාසල් ගුරු හමුවක් මහනුවර ප්‍රදේශයේදී අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka