gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙන් ලංකාවට කල්ල මරේ!

ඇමෙරිකාවේ නව ජනාධිපතිවයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත්වීම ශ්‍රී ලංකාවට සහ කලාපය තුළ  ශ්‍රී ලංකාවේ සබඳතාවයන්ට කෙලෙස බලපානු ඇත්දැයි යන්න ජාත්‍යන්තර සබඳතා පර්යේෂක උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා විස්තර කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම ශ්‍රී ලංකාවට හිතකර තත්ත්වයක් මෙන්ම කලාපීය වශයෙන් පවතින සබඳතාවයන්ට යම් බලපෑමක් එල්ල කරනු ඇති හෙතෙම කියා සිටියේය.

“ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට ජනාධිපති ධුරයට පත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වනවා විශේෂයෙන්ම ඔහු මැතිවරණ ක්‍රියාවලිය තුළ කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවම. ඔහුගේ පෙර ධුර කාලය දිහා බැලුවම අපිට දකින්නට පුළුවන් ජාත්‍යන්තර වශයෙන් ඔහු ‘ ඇමෙරිකාවට පළමු තැන’ කියන සංකල්පය මුල් කරගෙන කටයුතු කිරීම. මේකෙදි ගොඩක් වෙලාවට මගේ අදහස ලංකාවට හිතකර තත්ත්වයක් ඇතිවෙයි කියන එක ආර්ථික අංශයෙන්. ගොඩක් වෙලාවට ඔහු ජාත්‍යන්තර ප්‍රශ්න වලදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ආර්ථික නොවන ප්‍රතිපත්ති වලදී.

ලබන වසරේ ශ්‍රී ලංකාව මුහුණ දෙන්න නියමිතව තිබෙන එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය දිහා බැලුවම සහ 2011 එක්සත් ජාතීන්ගේ යෝජනාවලියේ වගවීමේ ක්‍රියාවලිය දිහා බැලුවම එක්සත් ජාතින්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට යම් කිසි ආකාරයේ සහනයක් ඇමෙරිකාව විසින් අනුගමනය කරන්න පුළුවන්. මොකද ‘ ඇමෙරිකාවට පළමු තැන’ කියන සංකල්පය උඩ ආර්ථික නොවන ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අඩු අවධානයක සිටීම.

අනෙක් කරුණ තමයි ඇමෙරිකාව ඉන්දු – පැසිෆික් කලාපය ගැන විශේෂ භූගෝලීය කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කරලා ඒ කලාපය තුළ තමන්ගේ ගිලිහි ගිය ආධිපත්‍ය ස්ථාවර කරමින් පවතිනවා. ට්‍රම්ප් ගේ බලයට පත්වීමත් එක්ක අපිට දකින්න පුළුවන් දෙයක් තමයි ඉන්දු – පැසිෆික් කලාපයෙන් යුදමය වශයෙන් ඇමෙරිකාව ඉවත්වීම සිදුකරන එක. නමුත් විශේෂයෙන් චීනය සහ දකුණු චීනය යන කොටස හැරෙන්න. මේ නිසා ඉන්දු – පැසිෆික් කලාපය දියුණු කිරීමට ඇමෙරිකාව ලබාදෙන ආධාරවල යම් අඩුවක් දකින්න පුළුවන්. වෙරළාරක්ෂක කටයුතු මෙන්ම පර්යේෂණ ආධාර අඩු කිරීම නිසා ශ්‍රී ලංකාවට යම් ආධාර අහිමිවීමක් සිදුවෙන්න පුළුවන්.

ඒ වගේම ට්‍රම්ප් ගේ පෙර පාලන සමයේදී චීනය එක්ක වෙළෙඳ යුද්ධයක් ආරම්භ කළා. යුදමය වශයෙන් නොවන ආර්ථිකමය වශයෙන් මත ගැටුමක් චීනය සමග මෙවරත් ඇතිවෙන්න පුළුවන්. මෙන්න මේ ගැටුම නිසා ලංකාවේ සමීප මිතුරෙක් වන චීනයට දැඩිව බලපාන්න පුළුවන්. බොහෝ වෙලාවට ට්‍රම්ප් ආර්ථිකමය වශයෙන් ලංකාවට යම් යම් බලපෑම් එල්ල කරන්න පුළුවන් දැනට පවතින චීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. ඇමෙරිකාව විසින් අගනුවර සහ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත සංවර්ධන ක්‍රියාවලියන් ගැන මිට වඩා දැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් මොකද චීනයේ දකුණු ආසියානු ව්‍යාප්තවාදය සීමා කිරීම සඳහා. මේක ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ වර්තමාන ආණ්ඩුව එක්ක එක්තරා ගැටුමක් ඇතිවෙන සංදර්භයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව චීනය සමග සම්බන්ධ වීම ගැන ඇමෙරිකාව දැඩි අවධානයක් යොමු කරයි ආර්ථික වශයෙන් චීනය හිර කරන්නට ලක් කරන්න.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන සබඳතාවය. ගිය පාර අපි දැක්කා ආසියාවේ නැගී එන බලවතෙක් විදිහට චීනය එක්ක ට්‍රම්ප් කොහොමද ඝට්ටනයක් ඇතිකර ගත්තේ කියලා. මේ පාර අපි දකිනවා නැගී එන දකුණු ආසියානු සහ ආසියානු රටක් විදිහට ඉන්දියාව සමග ට්‍රම්ප් ගේ පාලනය තුළ ආර්ථිකමය වශයෙන් යම් යම් ඝට්ටනයන් ඇතිවෙන්න පුළුවන්. එකට හේතුව තමයි ඇමෙරිකානු ආර්ථික මොඩලය ඉන්දියාවේ ආර්ථික මෝඩලය සමග යම් යම් ඝට්ටනයන් ඇතිවීම. විශේෂයෙන්ම අපි දන්නවා සංක්‍රමණික අංශය තුළ ට්‍රම්ප් යම් යම් සීමා පැනවීම ඉන්දියානු සබඳතාවලට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. මේ බාධාවල් බොහෝ දුරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන සබඳතාවන්ට බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

ඒ වගේම පසුගිය ට්‍රම්ප් ගේ ජනාධිපති ධුර කාලයේදී ඉන්දු – පැසිෆික් කලාපයට ප්‍රවේශ වෙන්න වගේම දකුණු ආසියානු කලාපය ඇතුළත තමන්ගේ බලය ස්ථාපිත කිරීමට ඇමෙරිකාව කටයුතු කළේ ඉන්දියාව හරහා. නමුත් මෙවර මම හිතනවා ඇමෙරිකාව ඉන්දු – පැසිෆික් කලාපයේ කටයුතු සඳහා ඉන්දියාව මග හැරලා සෘජුවම කටයුතු කරාවි කියලා. ඒ තුළින් ඇමෙරිකාව උත්සහ කරයි කලාපය තුළ ඉන්දියාවේ ආර්ථිකමය ප්‍රතිරූපයන් ගොඩනැගීම වලක්වන්න.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව අතර තියෙන සම්බන්ධකම ගැන බැලුවොත් ඇමෙරිකාව බොහෝ විට පෙර එකඟතාවයත් එක්ක කටයුතු කරමින් ලංකාවට මීලඟ IMF වාරිකය සහ අනෙකුත් සහන ලබා දෙන්න උත්සහ කරයි. ඇමෙරිකාවට අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් චීනයේ ආර්ථික සහයෝගිතාවය මත යැපීම නතර කරන්න.” ඔහු පැවසුවේය.


– BBC



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka