අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා ඊයේ (01) පැවැති රැස්වීමක් අමතමින් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව කෙරෙහි තිබූ ජනතා ප්‍රසාදය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී කිව හැකි තරම් බොරු කියා බලය ලබාගෙන එම පොරොන්දු කිසිවක් මේ වන විට ඉටු කර ගැනීමට නොහැකිව දැඩි ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබෙන මාලිමා ආණ්ඩුවේ තත්වය ඇල්පිටිය ප්‍රතිඵලයෙන් තහවුරු වූ බව ඔහු පවසයි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී තම දුරකථන ඇමතුමකට හෝ ප්‍රතිචාර නොදැක්වූ තම හිතවත් රාජ්‍ය සේවකයින් මෙවර තැපැල් ඡන්දයෙන් පසුව තමාට දුරකථන ඇමතුම් ලබාදෙමින් සිලින්ඩරයට ඡන්දය ලබා දුන් බව පුන පුනා ප්‍රකාශ කරනා බවද චන්ද්‍රසේන මහතා එහිදී පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ මේ වන විට නැවතත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් හටගෙන ඇති බවත් මේ වන විට ගෑස් මිලදී ගැනීමට වෙළඳපොල තුළ නොමැති බවත් නැවතත් පෝලිම් යුගයක් ඉතාමත් ආසන්නයේ පවතින බවත්ය.
රනිල් වික්‍රමසිංහ මහතා අමාරුවෙන් ගොඩ නැඟූ ආර්ථිකය නැවතත් විනාශවෙමින් පවතින බවද ඔහු රැස්ව සිටි ජනතාව අමතමින් කියා සිටියේය.
එම වීඩියෝව,