ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික මෙන්ම පාර්ලිමේන්තු ධූර අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා අනුරාධපුර ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසූවේ ලබන 14 වනදායින් පසු වංචා ,දූෂණ ,අක්රමිකතා සිදු කළ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවයි.
මේ වනවිට නව රජය ලොව කුඩාම ආණ්ඩුව ලෙස ඉතාමත් සාර්ථක අයුරින් සති පහක කාලයක් ගෙවා අවසන් කර ඇති බවත් ලබන 14 වෙනිදායින් පසුව අංග සම්පූර්ණ ආණ්ඩුවක් ලෙස උපරිම ශක්තියෙන් වැඩ කටයුතු අරඹන බවද ඔහු පැවසීය.
පොල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට තිරසාර විසඳුමක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩපිලිවෙළක් ක්රියාත්මක කරනා බව පැවසූ සමරසිංහ මහතා පොල් ගසක් ඵල දැරීමට ගතවන කාලසීමාව සම්බන්ධයෙන් හෝ අවබෝධයක් නැති හොර තක්කඩීන් බොරු ටීවී සමඟ එක්වී මඩ ප්රචාරණ කරනා බවද පැවසීය.
මේ තාවකාලික ආණ්ඩුව ස්ථිර වන්නේ ලබන 14 වැනිදායින් බව සිහිපත් කළ සමරසිංහ මහතා “හොරු ඇල්ලුවේ නැද්ද” යැයි අසනා හොරුන්ට දිය හැකි පිළිතුර වන්නේ හදිස්සිනම් පැමිණ භාර වෙන ලෙස බවත් පැවසීය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ මේ රටේ මහජන දේපොළ හොරකම් කිරීමට එරෙහිව වැරදි කරුවන්ට නියත වශයෙන්ම පරීක්ෂණවලින් අනතුරුව මාලිමා රජය විසින් නිසි දඬුවම් ලබාදෙන බවයි.