gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු මැති ඇමතිලාගේ ලියාපදිංචි නොකළ වාහන ගණන 100කට ආසන්නයි!

හිටපු ආණ්ඩුවල දේශපාලකයින් සහ දේශපාලන බලයක් සහිත ප්‍රභූවරුන් විසින් නීති විරෝධී ලෙස ලියාපදිංචි නොකළ තහනම් වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් පරිහරණය කරමින් සිටින බවට සැක කරන්නේ යැයි පොලිසිය සදහන් කරයි.

මේ වනවිට නීතිවිරෝධීව භාවිතා කරන එම වාහන භාරදීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබානොදී එම වාහන මහ මග දමා යෑමටත්, වාහන සැඟවීමත් හිටපු දේශපාලකයන් කටයුතු කිරීම පසුගිය සතිය පුරා දක්නට ලැබුණේය.

ඇතැම් දේශපාලකයින්, බලය සහිත පුද්ගලයින් තමන්ගේ බලය අවභාවිතා කරමින් පරිහරණය කරන ලද ලියාපදිංචි නොකළ වාහන සොයා ගැනීම සදහා පොලිසිය, රේගුව සහ මෝටර් රථ ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ වනවිට විවිධ දේශපාලකයින් සහ බලය සහිත පුද්ගලයින් විසින් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් භාවිතා කරන ලද සුඛෝපභෝගී වාහන ගණනාවක තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබි ඇත.

රජයේ වාහන හා දේපළ අවභාවිතා කරන, සැඟවීමට උත්සාහ කරන, අංක තහඩු රහිතව හෝ සහිතව සැක කටයුතු ලෙස පරිහරණය කරන කුමන තරාතිරමක හෝ පුද්ගලයෙක් සම්බන්ධව 1997 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka