හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ඡන්දය ලබාගැනීම සදහා ඉතිහාසයේ ජාතිවාදය පාවිච්චි කළ බව ජාතික ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.
“දැන් පොල් ඇමතිලා මේ රටේ හිටියේ නැද්ද.? හිටියා.. ඉතින් ඒ ඇමතිලාට පඩි ගෙවුවනේ අපේ රටේ. හරියට පොල් ගස් ටික තිබ්බානම් පොල් තියනවා. රිලවු ප්‍රශ්නය විසදලා තිබ්බානම් පොල් ටික තියනවා. ඉතින් ලංකාවේ ඉන්නවලු රිලවු ලක්ෂ 30ක්.
රිලවු ලක්ෂ තිහක් අවුරුද්දට කුරුම්බැට්ටි කොච්චර වට්ටනව ඇද්ද.. මේ ලගදි ඕවා හිත හිතා නිදාගෙන ඉන්නකොට මට හීනෙන් පේනවා රිලා ප්‍රශ්නය විසදන ක්‍රමයක්. විද්‍යාඥයෝ තුන්දෙනෙක් මම ගාවට ඇවිත් කියනවා, සමන්ත මන්ත්‍රීතුමා බයවෙන්න එපා.
ඔබතුමාලගේ ආණ්ඩුවට අපි නොමිලේ සේවය කරන්න කැමතියි, අපිට පුළුවන් රිලවුන් වද කරලා දෙන ක්‍රමයක් ඔබතුමාලට හදුන්වා දෙන්න. මම බැලුවා කවුද බොලේ ආපු විද්‍යාඥයෝ කියලා.. මහා විද්‍යාඥ උදය ගම්මන්පිල ඇවිල්ලා.
උදය ගම්මන්පිල කියනවා බයවෙන්න එපා.. ඕකට වද කොත්තුවක් හදමු කිවුවා.. මුන් ජාතිවාදය පාවිච්චි කරාද නැද්ද ඉතිහාසයේ. පාවිච්චි කරා.”
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මේ බව සදහන් කරයි.
