ෆර්හාඩ් ෂකේරි නැමති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ල වී ඇති තැනැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.
එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු පවසයි.
ෂකේරි 2019 වසරේ දී මහා පරිමාණ හෙරොයින් ජවාරමකට අදාළ ව මෙරට දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවට විශ්වාසකරන බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.