විශ්‍රාමික ජනාධිපතිවරු බලාගන්න අවශ්‍ය කරන පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බවත් එම පනත් සියල්ල මාලිමාව ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සදහන් කරයි.
හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සදහන් කළේ,
“හමුදා රෝහලෙන් හමුදාවේ හිටපු කෙනෙක් හැටියට රෙජිස්ටර් වෙලා මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක් බෙහෙත් අරන් තියනවා. එසේ මෙසේ කෙනෙකුට ගන්න බෙහෙත් නෙමෙයි. ඔය වයසට ඒ විටමින් එහෙම ගන්නත් නරකයි.
ඔය අවුරුදු 35ක 30ක විතර හොද කොල්ලෝ ගන්න ඕන දේවල් අරගෙන.. මට හිතෙන්නෙ පවුලටම අරගෙන එක නමකින් රෙජිස්ටර් කරලා. දැන් ඔන්න ටික ටික එළියට එන්න පටන් අරන් තියනවා.
ඒ කියන්නෙ සම්පුර්ණයෙන්ම බෙහෙත් පෙත්ත ගන්න එකේ ඉදලා, වාහනයද, තෙල්ද, ආරක්ෂාවද, ගෙදර වැඩ කරන එකද, කුඩේද, මදුරු කොයිල් එකද සේරම අරන් තියෙන්නේ අපේ බදු සල්ලි වලින්.
මලාට මම හිතන්නේ 2005න් විතර පස්සේ, නෑ 94න් විතර පස්සේ තමන්ගේ පොකට් එකෙන් ඇදලා මොකක්වත් කරලා නෑ වගේ. ඒවට හරියන්න නීති හදාගෙන තියනවා පාර්ලිමේන්තුවේ, විශ්‍රාමික ජනාධිපතිලා බලාකියා ගන්න එකට අවශ්‍ය කරන පනත් සම්මත කරලා තියනවා.. මේ ඔක්කොම වෙනස් කරන්න ඕන.”
ජාතික ජන බලවේග ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.