මන්ත‍්‍රී රාමනාතන් අර්චුනා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ!
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කලේය.
2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට පත් කර ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
රාමනාතන් අර්චුනා මහතා දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම සලකා බලමින් මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.
මන්ත්රී රාමනාතන් අර්චුනා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ!
2024-11-26T14:28:00+05:30
Gossip Lanka Hot News






