රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියට එම ධුරයෙන් ඉවත්වන්නැයි එහි වෘත්තීය සමිතියක නියෝජිතයන් කිහිපදෙනෙකු ඊයේ (25දා) ගංගානි මහත්මියගෙන් ඉල්ලා ඇත.
වෘත්තීය සමිති නියෝජිතයන් යැයි කියාගත් එම පිරිස ගංගානි මහත්මිය හමුවී සේවයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලීමක් කළේ ද යන්න සම්බන්ධයෙන් ඇයගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ එසේ කිහිප දෙනකු පැමිණ තමාට ඉවත්ව යන ලෙස ඉල්ලීම් කළ බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හාජනමාධ්ය අමාත්‍යාංශයෙන් තමා සිදු කළ විමසීමේදී ඉවත්ව නොයන ලෙස තමාට දැනුම් දුන් බවත්ය.
ඉවත්ව යන ලෙස තමාගෙන් ඉල්ලීම් කළේ ජාතික ජන බලවේගය පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් නොවන බව ද ඇය කීවාය.
තමාට ලබන දෙසැම්බර් 27 වැනිදා තෙක් සේවය කිරීමට අනුමැතිය ලැබී තිබෙන බවත් තමා තනතුරින් යනවා නම් එහි වගකීම යම් අයකුට පවරා ඉවත් විය යුතු බවත් ඇය කීවාය.
තමා දැනට සිටින්නේ ද විශ්‍රාම ගොස් සේවා දිගුවක් යටතේ බව ද ඇය කියා සිටියාය.
චමින්ද සිල්වා
– දිවයින