සමගි ජන බලවේග පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වී ඇති ආසන පහ වෙනුවෙන් එහි මහලේකම්වරයා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර අනෙක් හතර දෙනා වෙනුවෙන් විස්සකට වැඩි පිරිසක් පොර පිටියට බැස ඇති බව වාර්තා වේ.
ජාතික ලැයිස්තුවේ සිටින හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක්, මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, වෛද්‍ය චමල් සංජීව, අසාරි තිලකරත්න, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් පොර පිටියට බැස ඇත.
සමගි ජන බලවේග පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබුණු අතර එයින් දැනට ගැසට් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම පමණයි.
එහෙත් ඉතිරි මන්ත්‍රී ධුර හතර සදහා කාන්තා නියෝජනයකට අවස්ථාවක් දෙන්නේ නම්, තමන්ට මන්ත්‍රි ධුරයක් අවශ්‍ය බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළ අතර හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ පැත්තෙන් එක් මන්ත්‍රි ධුරයක් තමන්ට අවශ්‍ය බව සදහන් කරයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස ඡන්දයෙන් පත්වුවද ඔහු තමන්ගේ පැත්තටත් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් අවශ්‍ය බව සදහන් කළ අතර මනෝ ගනේෂන් පාර්ශ්වය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස තමන්ට පොරොන්දුවක් ලබාදී තිබූ බව සදහන් කරයි.