හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවාස වලට සහ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන්ගේ නිල නිවාස වලට වර්ෂයකට රුපියල් කෝටි තිහකට අධික මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.
විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් පිරිසක් පසුගිය රාජ්‍ය පාලන කාලයේදී ජනතාවට වැදගත් නොවන අංශ වලට රජය මුදල් යොදවා ඇති ආකාරය පිළිබඳව කරන ලද සොයා බැලීමකදී මෙම තොරතුරු වාර්තා වී ඇත.
දිවයින පුරා පිහිටි ඇතැම් ජනාධිපති නිල නිවාසවල එක් දිනක් හෝ ජනාධිපතිවරයා ගත කර නොමැති අවස්ථාද ඇති බවත් එසේ වුවත් එම නිල නිවෙස සදහා වැය කරන ලද මුදලේ අඩුවක් වී නොමැති බවද අනාවරණය වී ඇත.
මෙම නිල නිවාසවල නඩත්තුව, සේවක වැටුප්, වාහන, ඉන්ධන, ජලය, විදුලිය හා දුරකථන ගාස්තු සදහා විශාල මුදලක් වැයවී ඇති අතර මැති ඇමැති නිල නිවාසවලින් රජයට විශාල ආදායමක් ලැබිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවද ඔවුන් සදහන් කරයි.