රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දීමට තීරණය කර ඇත.
නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
මන්ත්‍රීවරුන් 159 දෙනා තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සදහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන අතර රජයට නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344ක් මේ වනවිට හඳුනාගෙන ඇත.
එම වාහන අතර V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථ මාදිලි තිබෙන බැවින් ඒවා නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලසුම් කර ඇත.
මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ වන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව බවත් ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිම මන්ත්‍රීවරයෙක්ට ලබා නොදීමට තීරණය කර ඇත.