මුලු පොලිසියටම අවනම්බුවක්! උසාවි දාපු වාහනයක් ආපහු අරන් දෙන්න මීගමු ක්‍රයිම් OIC දෙලක්ෂ හැත්තෑදාහක් වටින AC යන්ත්‍රයක් අරන් දෙන්න කියලා! සල්ලි දාලා තියෙන්නේ ෂොප් එකේ මැනේජර්ගේ ගිණුමට!
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා විසින් රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ අදාළ මුදල පැමිණලිකරු විසින් වායු සමීකරණය මිලදී ගන්නා වෙළඳසැලේ කලමනාකරුගේ ගිණුමට බැර කර ඇති බවයි.
ඒ අනුව අදාළ අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මුලු පොලිසියටම අවනම්බුවක්! උසාවි දාපු වාහනයක් ආපහු අරන් දෙන්න මීගමු ක්‍රයිම් OIC දෙලක්ෂ හැත්තෑදාහක් වටින AC යන්ත්‍රයක් අරන් දෙන්න කියලා! සල්ලි දාලා තියෙන්නේ ෂොප් එකේ මැනේජර්ගේ ගිණුමට!
2024-11-30T15:47:00+05:30
Gossip Lanka Hot News