පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? පියාඹන පීරිසි 4ක් ඇවිත්? වොෂින්ටන් නුවර මහා කලබලයක්!
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බලසිටින්නන් ඒවා පියාඹන පිරිස ලෙස පැවැසීම පුදුමයක් නොවන බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය. අත්භූත එළි 4 චතුරශ්‍රාකාරව සිට තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවද එම පුවත්පත ප්‍රකාශ කළේය.
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.
විශේෂඥයෝ මේවා පියාඹන පිරිසි එළි නොවන බවට මත පළ කර ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය. හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූපගත කළ ඩිගිනස්ගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් එලෙස පළවූ ප්‍රසිද්ධ මතවලින් කීපයකි.
පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? පියාඹන පීරිසි 4ක් ඇවිත්? වොෂින්ටන් නුවර මහා කලබලයක්!
2024-11-30T15:43:00+05:30
Gossip Lanka Hot News






