‘පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නෑ කියා අප කීවේ නෑ.. කොත ගහන් කන්නෑ කියලයි කීවේ..’- මාලිමා මන්ත‍්‍රී
පාර්ලිමේන්තු භෝජන ශාලාවෙන් ආහාර නොගන්නා බවට ජාතික ජන බලවේගය ප්‍රකාශ නොකළ බව එම පක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
තම පක්ෂය පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බව නොව කොත වගේ බෙදාගෙන කෑම නොකන බව පමණක් සඳහන් කළ බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේ යැයි හර්ෂද සිල්වා මහතා පැවසීය.
තම ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු භෝජනාගාරයක් වසා දැමීමට හෝ ගෙදරින් කෑම ඔතාගෙන එන්නට යෝජනා නොකළ බවද එකී මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවට ප්‍රකාශ කළද රාජාසන කතාව කල පසු සියලු දෙනාම සුපුරුදු ලෙස භෝජන සංග්‍රහයට එක් වූවා නොවේදැයි මාධ්‍ය කළ විමසුමකට පිලිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
‘පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නෑ කියා අප කීවේ නෑ.. කොත ගහන් කන්නෑ කියලයි කීවේ..’- මාලිමා මන්ත්රී
2024-11-22T13:51:00+05:30
Gossip Lanka Hot News






