සිරිකොතේ වලියක්... රවිගේ පිරිසක් පහර දුන් බවට චෝදනා!
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පැමිණ ආපසු යමින් සිටි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අරටුව නම් මෙම සංවිධානයේ පිරිස සිරිකොතට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීම සඳහා අදාළ යෝජනාවලියක් භාරදීම සඳහායි.
එය භාරදී ආපසු යන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ වාහන හතරකින් පැමිණි පිරිසක් විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවටද ඔවුන් චෝදනා කරති.
සිරිකොතේ වලියක්... රවිගේ පිරිසක් පහර දුන් බවට චෝදනා!
2024-11-22T13:53:00+05:30
Gossip Lanka Hot News






